Saturday, September 7, 2013

සමුදීම


හමුවීම .සමුගැනීම , සමුදීම එකවගෙ උනාට
වඩාත්ම හදවත කම්පනයට පත්කරන්නෙ සමුගැනිම බවයි මට හැගෙන්නෙ.
හදවතට වඩාත් සමිප අය සමුගැනිමයි වඩාත් කටුක.
හේමක්ක ඒදවස්වල අපට තේ පැන් සංග්‍රයක්හෙම තියල සමු ගත්තෙ මෙහෙම......

සුපිපි මල් ගොමුව වැනි
සොදුරු දරු කැළ අතර
අප නැගූ සිනා හඩ
එක්ව කළ කෙළි කවට
බැදුණු සොහොයුරු බැම්ම
ලිහිල් වී
එළඹ ඇත නික්ම යන මොහොත,
සසර කතරෙ, නවාතැන් පොළ
හැරමිටි වාරුවෙන්
පියමන් කරන තුරු
ඈත සිට නෙත් දල්වා බලා සිටියි.
නොතිර ගමනේ .ඉතිර සහකරු
විසි හත් වසරක් පා ගැටුණු
සොදුරු බිම .ඇසුරු කළ
ළැබදි සැම
සමුදෙන්න ආදරෙන්
සමු ගනිමි සෙනෙහසින්
යලි යළිදු හමුවෙමු.
සැපේදී, දුකේදී  ..............